එක්සත් ජනපදය පුරා පැතිර යන නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතා මධ්‍යයේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමතර ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා තිබේ. ව්‍යාජ අවසරපත් භාවිත කරමින් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ට්‍රම්ප් පසුගියදා නියෝග කිරීමත් සමග, එරට පුරා විරෝධතා රැසක් ආරම්භ වූ අතර, ලොස් ඇන්ජලීස් හි එම විරෝධතා මේ වන විට දැඩි මුහුණුවරක් ගෙන ඇත.
ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ගොඩනැගුණු විරෝධතා උත්සන්න වී ඇති අතර, ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් යෙදවීමට පියවර ගැනීමත් සමඟ තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන අතරතුරදී පවා ලොස් ඇන්ජලීස් නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවයි. මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස් හි උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති අතර, ඉදිරියේදී තත්ත්වය කෙසේ විකාශය වේද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත.