හවුති පාලනය යටතේ පවතින වයඹදිග යෙමනයේ අප්‍රිකාණු සංක්‍රමණිකයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවත් හවුති පාලනය කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ සංක්‍රමණිකයින් 115 දෙනෙකු පමණ එම ස්ථානයේ රඳවා සිට ඇති බවත් ය.
මෙම සංක්‍රමණිකයින් අතර ඉතියෝපියාව සහ අනෙකුත් රටවලින් පැමිණි අප්‍රිකානු සංක්‍රමණිකයින් ඇතුළත් වී ඇති අතර ඔවුන්ගෙන් 68 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.