ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද පෙ.ව. 10.00ට විශ්ව කතෝලිකයන්ගේ කේන්ද්‍රීය සිද්ධස්ථානය වූ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ එළිමහන් පරිශ්‍රයේදී ආරම්භ විය.
අවමංගල්‍ය දේව මෙහෙය වතිකානයේ ප්‍රමුඛතම නිලයක් වන කැමර්ලින්ගෝ නිලය හොඹවන අතිඋතුම් කාදිනල් කෙවින් ෆ්‍රැරල් විසින් මෙහෙයවයි.
ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රැම්ප්, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ඇතුළු ලෝක නායකයන් රැසක් එක්වී සිටී.
එසේම සිය ආදරණිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ ගණනක කතෝලික බැතිමතුන්ද වතිකානයට එක් රොක් වී තිබේ.