ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව වතිකානය නිල වශයෙන් නිවේදනය කර ඇති අතර ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අවසන් කටයුතු සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් රාජධානියේ අග්‍රමාත්‍ය Keir Starmer, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි යන ලෝක නායකයින් මේ වන විට පැමිණීම තහවුරු කර ඇති අතර, එක්සත් රාජධානියේ රජු නියෝජනය කරමින් විලියම් කුමරු ද පැමිණීමට නියමිත බවයි .