අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මානව හිමිකම් කොමිසමට කැදවා තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (02) දෙමව්පියන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.