පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මානව හිමිකම් කොමිසම ලබන 30 වැනිදා රැස්වෙයි.
එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ අවසන් වාර්තාව මේ වනවිට තම කොමිසමට භාරදී ඇති බවයි.