5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා යොමු කිරීමේ කාලය අදින්(06) අවසන් වේ.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව අද(06) දිනයේත් පවතින බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ ඉල්ලුම් කිරීම් සිදුකළ යුත්තේ, විදුහල්පතිවරයා මගින් පමණි.
2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණූ අතර
එහි කඩඉම් ලකුණින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244 කි.