2026 මාර්තු 24 අඟහරුවාදා, 19:28
නවතම පුවත්

ශිරන්ති රාජපක්ෂගේ ‘සිරිලිය සවිය’ ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දූෂණ කිහිපයක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (ජුනි 20) පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළේය.

දූෂණ විරෝධී කමිටු කාර්යාලය (CIABOC) විසින් කරන ලද පරීක්ෂණ සහ විමර්ශන අනුව, ඔහු සඳහන් කළේ CSN නාලිකාවෙන් රුපියල් මිලියන 152ක්, ගෝඨාභය රාජපක්ෂ මහතා තම මවගේ සහ පියාගේ සොහොන සැදීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගත් මුදල්වලට අදාළව රුපියල් මිලියන 35ක් සහ බැසිල් රාජපක්ෂ මහතා විසින් මල්වාන ප්‍රදේශයේ නිවසක් ගැනීම සම්බන්ධ සිද්ධියෙන් මහා භාණ්ඩාගාරයට අත්කරගත් මුදල මිලියන 208ක් බවයි.

එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් “සිරිලිය සවිය” නමින් පවත්වාගෙන ගිය ගිණුමක් සම්බන්ධයෙන්ද සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් සිදු කළේය.

ඔහු පැහැදිලි කළේ, “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන ගියා. මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය බැංකුවෙන් අස්ථානගත කරලා.” යනුවෙනි.

මෙම ගිණුම, කොළඹ 10, ඩාලි පාරේ පිහිටි මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින්, නිත්‍යානුකූලව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර, 2006 නොවැම්බර් 14 වැනි දින අංක 143-001-4-6235069 දරන ගිණුම ලෙස ආරම්භ කර ඇත.

මේ වන විට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටුවා ඇති අතර, ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43ක් බව වාර්තා වේ. මෙම ගිණුමේ සභාපති ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියද, ලේකම් ලෙස සීතා කල්‍යාණි දිසානායක මහත්මියද, භාණ්ඩාගාරික ලෙස නිරෝෂා ජීවනී මහත්මියද කටයුතු කර ඇත.

දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් අට කෝටි විසිනව ලක්ෂ අසූ අටදහසක් (රු. 82,988,000) තැන්පත් කර ඇති අතර, ආපසු ගැනීමේ අවස්ථා 129කදී රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහළොස්දහස් හයසිය පනස් හයක් (රු. 39,015,656) ලබාගෙන ඇත. තවද, රුපියල් ලක්ෂ සීයක ස්ථාවර තැන්පතුවක්ද මෙම බැංකුවේ “සිරිලිය” නමින් ආරම්භ කර ඇති බව අනාවරණය විය.

මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදු කරන අතර, අවාසනාවකට දැනට නීතිපති කාර්යාලයේ මේවා බහා තබා ඇති බවද වටගල මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත්, ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් මෙම විමර්ශන නැවත ආරම්භ කරන බවද සුනිල් වටගල මහතා අවධාරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories