ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ටෙහෙරානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය අද (ජූනි 21) මේ බව නිවේදනය කළේය.
මීට අමතරව, ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටින බව සඳහන් වේ.
ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.