ජන ජිවිතවලට එල්ල වූ විවිධ තර්ජන මැඩ පවත්වමින්, මාතෘ භූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව උදෙසා, ජාතියේ ආරක්ෂකයා ලෙස, අභිමානවත් මෙහෙවරක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නැත්නම් මෙරට විශාලතම සහ පැරණිතම ආරක්ෂක හමුදාව ආරම්භ කර, අදට වසර 75කි.
1949 වසරේ ආරම්භ වූ යුද හමුදාව ගෙවුණු වසර 74, තුළ එඩිතර මෙන්ම කීර්තිමත් මෙහෙවරක් ඉටු කළේ ආසියානු කලාපයේ මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය දිනා ගනිමින්.
ගෙවී ගිය මේ ඓතිහාසික සමය තුළ මාතෘ භූමියට එල්ල වූ විවිධ අභියෝග ජය ගැනීමට යුද හමුදාව සමත් වූ අප නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි.