2025 අගෝස්තු 15 සිකුරාදා, 04:38
නවතම පුවත්

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ඊයේ (ජුනි 19) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරිණි. මේ සඳහා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර විශේෂ හමුවක් පැවැත්විණි.

සාකච්ඡාව අතරතුරදී කථානායකවරයා අවධාරණය කළේ, 1994 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වෙළඳ, සංචාරක සහ පුරවැසි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමයි. දෙරට අතර පවතින සබඳතා නව මඟකට යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ඉස්මතු විය.

දකුණු අප්‍රිකාවේ සංහිඳියා යාන්ත්‍රණය ලෝකයට සාමයේ වැදගත්කම පිළිබඳව ලබා දෙන ප්‍රබල පණිවිඩයක් බව කථානායකවරයා සඳහන් කළේය. එසේම, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු රජයට සිය කෘතඥතාව පළ කිරීමට ද ඔහු අමතක කළේ නැත.

මහ කොමසාරිස් ෂාල්ක් මහතා, දකුණු අප්‍රිකානු රජය විසින් සිදුකරන අඛණ්ඩ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව පැහැදිලි කළේය. මෙම වැඩසටහන් මගින් සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන අතරම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ද අරමුණු කරගන්නා බව ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories