වෙන්දේසිය ලබන 24 සහ 25 සෞදියේදී 2025 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 යන දිනවල සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයින් 1,165ක් සහ විදේශ ක්‍රීඩකයින් 409ක් සිටින බව සඳහන්. ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග සඳහා මීටර පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 320ක්, ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් 1,224ක් සහ පාකිස්ථානය හැර ක්‍රිකට් ක්‍රීඩා කරන සෙසු රටවල ක්‍රීඩකයින් ද අදාළ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් 29 දෙනෙකු ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව සඳහන්. පසුගිය තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 46 දෙනෙකු සිය කණ්ඩායම් තුළ රඳවා ගැනීමටයි එහි කළමනාකරුවන් කටයුතු කළේය