2025 – ආසියානු ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනකු රන් පදක්කම් 06 ක් දිනා ගෙන ඊයේ (21) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය 13 සිට 15 දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සහ 06 සිට 09 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණි. නුවරඑළිය, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි මනිවෙල් සත්‍යශීලන් හයිද්‍රාබාද් නුවර පැවති මීටර් 5,000 ඇවිදීම, මීටර් 1,500 සහ මීටර් 800 දීවීමේ තරග වලදී රන් පදක්කම් 03 ක් දිනා ගෙන ශූරතාවය ද දිනා ගෙන තිබුණි. මීට අමතරව නුවරඑළිය, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි දොරේසාමි විජින් නවදිල්ලි නුවර පැවති තරගාවලියේ දී මීටර් 5,000 ඇවිදීම , මිටිය විසි කිරීම සහ කවපෙත්ත විසි කිරීම යන ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගෙන ශූරතාවය ද දිනා ගැනීමට සමත් වී තිබුණි. ඔවුන් දෙදෙනා ඊයේ (21) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.