2026 මාර්තු 18 බදාදා, 19:07
නවතම පුවත්

ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් ගැටුමේ ශ්‍රී ලංකාව ලකුණු 82 ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ඊයේ (23) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් බිඳවැටී ලකුණු 204ක් රැස්කරගෙන සිටියේය.ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් සිටියි.කඩුල්ලේ රැඳී සිටින කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 20ක් රැස්කරගෙන සිටිති.ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරිව සිටින අවසන් නම්දැරූ පිතිකරුවන් දෙපළයි.ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම විශාල ලකුණු පුවරුවක් දක්වා ගොඩනැගීමේ සම්පූර්ණ වගකීම ඔවුන් සතුව ඇත.කෙසේ නමුත් චන්දිමාල් පන්දුවට පහරදෙමින් සිටින්නේ පන්දුවක් ඇඟිල්ලේ වැදීම හේතුවෙන් පිටියෙන්ද ඉවත්ව ගොස් නැවත පැමිණි පිතිකරුවෙකු ලෙසිනි.මාක් වුඩ් එවන ලද පැ.කි.මී. 150කට ආසන්න වේගයෙන් පැමිණි පන්දුවක් වැදීමෙන් චන්දිමාල්ගේ දකුණු අතෙහි මාපට ඇඟිල්ල ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුව රෝහලකට ගෙනගොස් ස්කෑන් පරික්ෂාවක්ද කළ බව වාර්තා විය. ලංකා පළමු ඉනිමේදී ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී සාර්ථක ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය.

ඔහු හැරෙන්න දිමුත් කරුණාරත්න ලකුණු 27ක් රැස්කළ අතර, වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 11කට වැඩි ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.නායක ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 11කට සීමා වූ අතර, පළමු ඉනිමේදී වාර්තාගත අර්ධ ශතකයක් ක්‍රීඩාකළ මිලාන් රත්නායකට මෙවර රැස්කළ හැකිවූයේ ලකුණු 10ක් පමණි.ශ්‍රී ලංකා ඉනිමේ මේ වනවිට පන්දුවට පහරදීමට ඉතිරිව සිටින්නේ ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු පමණි.එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් ලකුණු 34කට කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.අද (24) තරගයේ සිවුවැනි දිනයයි.මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 358ක් රැස්කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories