2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:13
නවතම පුවත්

ශ්‍රී ලංකා ඉනිම ධනා සහ කමිඳු ගොඩනගති

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට ඊයේ (07) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 325ට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටියි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී ද තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වූ අතර, ඒ වනවිට කඩුල්ලේ රැඳි සිටි නායක ධනංජය ද සිල්වා ලකුණු 64ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් ලකුණු 93ක් තුළ බිඳවැටී ඉතා අසරණව තිබූ මොහොතේ එක් වූ ඔවුන් දෙදෙනා මේ වනවිට 06වැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් පවත්වාගෙන සිටියි.

ඔවුන් දෙදෙනාට අමතරව පැතුම් නිස්සංක ලකුණු 64ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය. ඒ හැරෙන්න දිමුත් කරුණාරත්න (9), කුසල් මෙන්ඩිස් (14), ඇන්ජලෝ මැතිව්ස් (3) හා දිනේෂ් චන්දිමාල්ට (0) සාර්ථකවීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

එංගලන්තය වෙනුවෙන් ඔලී ස්ටෝන් (2/28), ක්‍රිස් වෝක්ස් (1/41) හා ජොෂ් හල් (1/26) කඩුලු දවාගැනීමට සමත්ව වූහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories