මෙරට මාධ්‍ය, මහජන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණ ක්ෂේත්‍රයන්ට දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින්, තරුණ මාධ්‍යවේදී සහ සන්නිවේදන උපායමාර්ගික විමුක්ති දුෂ්‍යන්ත මහතා 2025–2026 වසර සඳහා ශ්‍රී ලංකා-ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) සහකාර ලේකම් ධූරයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය කවයන් තුළ සුපරිචිත නාමයක් වන විමුක්ති දුෂ්‍යන්ත මහතා, Info Sri Lanka (www.infosrilanka.lk) හි නිර්මාතෘවරයා වන අතර, මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ . ඔහුගේ පුළුල් මාධ්‍ය අත්දැකීම් අතර, ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල භූමිකාවන්, එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව දියත් කළ සංහිඳියා ව්‍යාපාරයේ මාධ්‍ය හා සන්නිවේදන කටයුතු සහ අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පැවති සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCRM) උපදේශක ලෙස කටයුතු කිරීම ද කැපී පෙනෙනවා.
තවද, දුෂ්‍යන්ත මහතා ACBPA, PMDR සහ Alternative Media Networks ඇතුළු සිවිල් සමාජ සහ ප්‍රතිපත්ති ප්‍රචාරණ සංවිධානවල ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන් දරනු ලැබුවා. ඔහු මේ වන විට සන්නිවේදන සහ සන්නාමකරණ ආයතනයක් වන INSEL Holdings (Pvt) Ltd හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. විශේෂයෙන්ම, ඔහු විදුලිබල අමාත්‍යාංශයේ දූෂණ විරෝධී කමිටුව, අපේක්ෂා රෝහල් කමිටුව සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA) ඇතුළු ජාතික කමිටු කිහිපයකට ද සිය දායකත්වය ලබා දී තිබේ.
2024 වසරේදී ඉන්දීය මහ කොමිසමේ අනුග්‍රහය ඇතිව පිහිටුවන ලද ශ්‍රී ලංකා-ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA), දෙරට අතර මාධ්‍ය සහයෝගිතාව, පුවත්පත් කලාව හුවමාරු කිරීම් සහ තාක්ෂණික දැනුම බෙදාගැනීම තුළින් ද්විපාර්ශ්වික අවබෝධය වර්ධනය කිරීමට උත්සාහ කරයි.
SLIMFA හි සුවිශේෂී සිදුවීමක් වන “මාධ්‍ය උළෙල 2025” (Media Fest 2025), දෙරටේම ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන්, මාධ්‍ය සිසුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඩිජිටල් නිර්මාණකරුවන් එකතු කළා. මෙම උළෙලේදී මාධ්‍යකරණයේ කෘත්‍රිම බුද්ධිය (AI), ජංගම දුරකථන අන්තර්ගත නිර්මාණය, අසත්‍ය තොරතුරු, මුදල් ඉපයීම සහ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ සැසි පැවැත්වුණු අතර, Palki Sharma (Firstpost), Siddhant Sibal (WION), Shailesh Shekhar (India Today Group) සහ L.V. Krishnan (TAM Media Research) වැනි ඉන්දීය සහ ශ්‍රී ලංකා මාධ්‍ය නායකයින්ගේ සහභාගීත්වය ද ඊට ලැබුණි
මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජාල් පාණ්ඩේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගෙන් ද නිල අනුමැතිය ලැබී තිබුණි.