2025 අගෝස්තු 15 සිකුරාදා, 10:46
නවතම පුවත්

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ඇරඹෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වන අතර එහිදී තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳ ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමඟ සුවිශේෂී සංවාදයකට ජනාධිපතිවරයා එක්වනු ඇත.

ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින් සහ ජ්‍යෙෂ්ඨ ආයතනික නියෝජනයන්ගෙන් පෙර නොවූ විරූවාර්තාගත සහභාගීත්වයක් මෙවර සමුළුව වෙත ලැබී ඇති අතර Shaping Sri Lanka’s Future: Transformational Growth with Sound Economic Policies යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙනු ඇත.

එහි සමාරම්භක දේශනය ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා විසින් සිදුකිරීමට නියමිත වන අතර ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඇතුළු ව්‍යාපාරික නායකයින් රැසක් අද දින සමුළුව සඳහා එක්වනු ඇත.

හෙට (29) දින සමුළුව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සමඟ සිදුකරන සුවිශේෂී සාකච්ඡාවක් සමඟින් ඇරඹෙන අතර සමුළුවේ සෙසු සැසි වෙනුවෙන් දෙස් විදෙස් ව්‍යාපාරික නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories