2026 මාර්තු 25 බදාදා, 01:49
නවතම පුවත්

ශ්‍රී ලංකාව සහ චීනය උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟතා

මැලේසියාවේ පැවති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබේ. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය.

විදේශ අමාත්‍ය හේරත් මහතා, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය මෙන්ම, මෑත කාලීන ආර්ථික අභියෝග හමුවේ චීනයෙන් ලැබුණු සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව ප්‍රකාශ කළේය. දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

චීනයේ “එක් තීරයක්, එක් මාවතක්” ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ උනන්දුව නැවත තහවුරු කළ අමාත්‍ය හේරත්, වෙළඳාම, ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමුද්‍රීය කටයුතු වැනි ප්‍රධාන අංශ ඔස්සේ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ සූදානම ද දැනුම් දුන්නේය. දෙරටේ නායකයින් අතර පැවති සාර්ථක සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින්, එකඟ වූ පොදු දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළු “එක් තීරයක්, එක් මාවතක්” මුලපිරීම යටතේ අඛණ්ඩ සහයෝගීතාවන් වේගවත් කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට උපායමාර්ගික වටිනාකමක් ඇත.

පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ සමුද්‍ර අංශය වැනි නවීන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත් අතර, චීනයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව අමාත්‍ය හේරත් චීන විදේශ අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories