ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉතිරි ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙක ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා ඇත. ඔහුව ආදේශ කිරීම සිදුකර ඇත්තේ ආබාධයට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවෙන් බව වාර්තාවේ. දෙරට අතර අවසන් වරට පැවිති ටෙස්ට් තරඟයකදී ආබාධයට ලක්වීම නිසා මාක් වුඩ්ට ඉතිරි තරඟ ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලැබී ඇත. ජොෂ් හල් මීට පෙර කිසිඳු ජාත්‍යන්තර තරඟයකට සහභාගී නොමැති අතර ඔහු වමත් පන්දු යවන්නෙකු වීම විශේෂත්වයකි. මොහු ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන 20 හැවිරිදි ක්‍රීඩකයෙකි.