2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:12
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කාන්තා විනිසුරුවන් සඳහා නව සංගමයක්

මාර්තු 08 වැනි දින සමරනු ලබන අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව පැවති ශ්‍රී ලංකා කාන්තා විනිසුරුවරුන්ගේ සංගමයේ (SLAWJ) සමාරම්භක රැස්වීමේදී නව පත්වීම් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා විසඳීම සඳහා පිහිටුවා ඇති එම සංගමයේ සමාරම්භක රැස්වීම සඳහා හිටපු සහ විශ්‍රාමික කාන්තා විනිසුරුවරුන් විසිහයදෙනෙකු (26) එක්රැස්වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදිනී වික්‍රමසිංහ සහ මේනකා ජයසුදර පිළිවෙලින් සංගමයේ සභාපති සහ උප සභාපති ලෙස පත්කර ඇති අතර, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන සංගමයේ අනුශාසක ලෙස පත්කරන ඇත.

එහිදී අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මෙසේ පැවසුවාය, “මෙම රැස්වීම සංවිධානයක ආරම්භය පමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙනයෑම, අධිකරණ අඛණ්ඩතාව ශක්තිමත් කිරීම සහ අධිකරණය තුළ කාන්තාවන් බලගන්වන නීති පද්ධතියක් පෝෂණය කිරීම සඳහා සාමූහික කැපවීමක් සනිටුහන් කරයි.”

සමාජ අපකීර්තියට අභියෝග කිරීමෙන් සහ කාන්තාවකට තම වෘත්තීය සහ පෞද්ගලික වගකීම් යන දෙකම සාර්ථකව සමතුලිත කළ හැකි බව පෙන්නුම් කිරීමෙන් අධිකරණ ක්ෂේත්‍රයේ වෘත්තීන් හැදෑරීමට වැඩි කාන්තාවන් දිරිමත් කිරීමට සංගමය උත්සාහ කරන බව විනිසුරු වික්‍රමසිංහ අවධාරණය කළාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories