ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ආරක්ෂක අමාත්‍යංශයේදී හමු වී ඇත.
ඒ දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ කරුණු රැසක් පිළිබඳව එහි දී සාකච්ඡා කර තිබු අතර,
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන්, ආරක්ෂක ලේකම්වරයා අමෙරිකාවට සිය කෘතඥතාව ද පළ කළේය.