ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ඇතුළත්ව සිටී.
ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය.
විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබෙන අතර තරග තීරකවරියක් ලෙස මිෂෙල් පෙරේරා කටයුතු කරනවා.
9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මේ සඳහා අවස්ථාව ලැබෙයි.
කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙයි.