2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:38
නවතම පුවත්

ශ්‍රී ලංකාවට ඉන්දීයාව හමුවේ ලකුණු 60ක පරාජයක්

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ කාන්තා විස්සයි- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගයකින් ඉන්දියාව හමුවේ ලකුණු 60ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය ක්වාලාලාම්පූර්හිදී පැවැත්විණි.

මෙහිදී ඉන්දීය කාණ්ඩායමෙන් හිමි වූ ලකුණු 119ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 58ක් පමණි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ ත්‍රිෂා ගොන්ගාදි පන්දු 44කට පමණක් මුහුණදෙමින් ලකුණු 49ක් රැස්කළාය.

කෙසේ නමුත් ඇය හැරෙන්න වෙනත් කිසිදු පිතිකාරිනියකට ලකුණු 16කට වඩා රැස්කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමුදි මෙත්සරා (2/10), ලිමන්සා තිලකරත්න (2/14) හා අසෙනි තලගුණේ (2/24) කඩුලු 2 බැගින් දවාලමින් දක්ෂතා දැක්වූහ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තරගය පරාජය වුවත් ඔවුන් දැනටමත් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටියි.

මූලික වටයේ ‘A’කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව මෙම තරගය පමණක් පරාජය වූ අතර, ඔවුන් බ.ඉ. කොදෙව් හා සත්කාරක මැලේසියානු කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට සමත්විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories