කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් විවෘත කර තිබේ. මෙම විසිංජාම් වරාය බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව විශ්වාස කෙරේ.
කොළඹ වරායට පමණක් නොව මේ හරහා ඩුබායි වරායටද කිසියම් බලපෑමක් එල්ලවනු ඇති බව මාධ්‍ය වාර්තා පළ වී තිබේ.
දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබේ.
එමෙන්ම තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ.