ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ, රෝහල්වලින් නිකුත් කරන ලද ඖෂධ, තෙවන පාර්ශවයක් හරහා අධික මිලකට අලෙවි කිරීමේ බරපතල චෝදනා මත බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
රටේ ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් කැපවිය යුතු වෘත්තිකයන් මෙවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වීම පිළිබඳව දැඩි කනස්සල්ලක් පළ වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.