2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:09
නවතම පුවත්

ශ්‍රීලන්කන් ටෙන්ඩර් දත්ත මකා දැමීම ගැන පුළුල් විමර්ශන

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ටෙන්ඩර් මණ්ඩලයේ ගනුදෙනුවල තොරතුරු ඇතුළත් පරිගණකයේ දත්ත මකා දමා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03) නියෝග කළේය.

එම පරිගණකයේ දත්ත ගබඩාව (Hard Disck) භාරයට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ගන්නා ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ ය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ආර්ථික පන්තියේ බස් (Coaches) තුනක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් ගනුදෙනුවල තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ගුවන් සමාගමට නියෝග කළේ ය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත එම බස් මිලදී ගැනීමේ ගනුදෙනු මගින් තම ආයතනයට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් 738,000 ක් පාඩු කිරීම සාපරාධී විශ්වාසය කඩකිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෙලි ඇසෝසියේට්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර ජනක විසින් කර තිබූ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේ ය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories