2026 මාර්තු 25 බදාදා, 03:09
නවතම පුවත්

ශ්‍රීලන්කන් ටෙන්ඩර් දත්ත මකා දැමීම ගැන පුළුල් විමර්ශන

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ටෙන්ඩර් මණ්ඩලයේ ගනුදෙනුවල තොරතුරු ඇතුළත් පරිගණකයේ දත්ත මකා දමා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03) නියෝග කළේය.

එම පරිගණකයේ දත්ත ගබඩාව (Hard Disck) භාරයට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ගන්නා ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ ය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ආර්ථික පන්තියේ බස් (Coaches) තුනක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් ගනුදෙනුවල තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ගුවන් සමාගමට නියෝග කළේ ය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත එම බස් මිලදී ගැනීමේ ගනුදෙනු මගින් තම ආයතනයට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් 738,000 ක් පාඩු කිරීම සාපරාධී විශ්වාසය කඩකිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෙලි ඇසෝසියේට්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර ජනක විසින් කර තිබූ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේ ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories