ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් යානයක් පැහැර ගන්නා බවට දුරකථනය ඔස්සේ ව්‍යාජ තර්ජනයක් සිදුකළ බව කියන පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් ඊයේ (ජූනි 11) දිනය පුරා 119 පොලිස් හදිසි ඇමතුම් අංශය, ශ්‍රීලන්කන් ගුවන් සමාගම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන රැසකට ඇමතුම් ලබා දෙමින් ගුවන් යානය පැහැර ගැනීමක් පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දී ඇති අතර, සංකේත අංක කිහිපයක් ද පවසා තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක අංශයට දැනුම් දීමෙන් පසු, ඇමතුම් ලබා දුන් පුද්ගලයා වැල්ලවත්ත පොලිස් වසමේ සිට ක්‍රියාත්මක වන බවට අනාවරණය විය. ඒ අනුව, දුරකථන විශ්ලේෂණ වාර්තා සහ කුළුණු වාර්තා ඔස්සේ කඩිනම් විමර්ශන සිදුකර, වැල්ලවත්ත පොලිස් වසමේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ සන්තකයේ තිබී ටැබ් යන්ත්‍රයක්, අයිෆෝන් එකක්, පෝටබල් රවුටරයක්, හෑන්ඩ් ෆ්‍රී යුගලක් සහ මුදල් හුවමාරු කළ බැංකු රිසිට්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ටැබ් යන්ත්‍රයේ එල්ටීටීඊ සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප, ධජ, රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප, ගුවන් තොටුපළ ඡායාරූප සහ ගුවන් යානා ඡායාරූප රැසක් අඩංගු වී තිබීම විශේෂත්වයකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගත් හෝටලයේ මාස තුනකට පෙර සිට නවාතැන් ගෙන ඇති අතර දිනකට රුපියල් 3,000ක මුදලක් ගෙවා ඇති බවය. විදේශ රටවලින් ඩොලර් ලැබෙන ක්‍රමවේදයක් මොහුට ඇති බව ද පොලීසිය පවසයි.
යාපනය අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වී ඇති අයෙකු වන සැකකරු 43 හැවිරිදි කොළඹ 15, මෝදර වීදියේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී ඇත.