අද උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) හමුවේ පෙනී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොමිසමෙන් පිටව ගියේය.
අල්ලස් කොමිසම පැය හතහමාරක පමණ කාලයක් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම හේතුවෙන් රජයට සිදු වූ බව කියන මූල්‍යමය පාඩු සම්බන්ධයෙන් CIABOC විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව මෙම සිතාසිය නිකුත් කර ඇති බව වාර්තා වේ.