2025 අගෝස්තු 17 ඉරිදා, 12:30
නවතම පුවත්

වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් අඩවිය අක්‍රීයවීම මහජන සෞඛ්‍යයට තර්ජනයක්!

වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) නිල වෙබ් අඩවිය මාස කිහිපයක සිට අක්‍රීයව පැවතීම හේතුවෙන් මහජනතාවට වැදගත් ඖෂධ තොරතුරු ලබා ගැනීමේ අයිතිය අහිමි වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවයි. ඖෂධවල ගුණාත්මකභාවය, භාවිතයෙන් ඉවත් කිරීම් සහ ඇතිවිය හැකි සංකූලතා පිළිබඳ තොරතුරු මහජනයාට ප්‍රවේශ වීමේ හැකියාව අහිමිවීම බරපතල තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, අදාළ වෙබ් අඩවිය හදිසියේ අක්‍රීය වීම සැක කටයුතු බවයි. එවැනි දත්ත පද්ධතියකට ප්‍රවේශ වීමේ හැකියාව තිබුණේ නම්, යම් ඖෂධයක් මගින් සංකූලතා මතුවන අවස්ථාවේදීම අනෙකුත් රෝහල්වලට සහ සාමාන්‍ය මහජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටීමට හැකිවනු ඇතැයි ඔහු පැහැදිලි කළේය.

මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, හදිසි හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන ටෙනටෝෆේස් (Tenetophase) ඖෂධයද විවිධ සංකූලතා මතුවීම හේතුවෙන් අනුරාධපුර සහ ඇඹිලිපිටිය ඇතුළු රෝහල් කිහිපයකින් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සංජීව මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම තොරතුරු තවමත් වෛද්‍ය සැපයුම් ඒකකයේ හෝ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිවල යාවත්කාලීන වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙමගින් ඖෂධ භාවිතය පිළිබඳව විනිවිදභාවය නොමැතිකම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාවට ඇතිවිය හැකි තර්ජන පිළිබඳව බරපතල ප්‍රශ්න මතු වේ.

නවතම පුවත්

kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

උණුසුම් පුවත්

ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories