රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ දින එනම් ජුනි 28 වෙනිදා පැවැත් වූ අතර එහිදී සභාපති ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළිත් වරක් එම සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වී ඇති අතර එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත.මෙම මැතිවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස එක් පාර්ශ්වයක් නියෝජනය කළ අතර අනෙක් පාර්ශ්වය ලෙස දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය තරග වැදුණි.ඒ අනුව පැවැති මැතිවරණයෙන් දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය පරාජයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැවත බලය තහවුරු කර ගැනීමට වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පාර්ශ්වය සමත් විය.