ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.
වෛද්‍යවරියට එරෙහිව ගොනු කර තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ. ඒ අනුව, ඇය රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.
මීට අමතරව, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් වෛද්‍ය විජේරත්නට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීම තහනම් කර ඇති අතර, ඇයට විදේශ ගමන් ද තහනම් කර ඇත.
ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබුණි.