වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (12) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා එම නියෝගයෙන් පසු පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබේ. සැකකරුගේ සහෝදරිය මෙම සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ජංගම දුරකථන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එසේම ඔවුන් දෙදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
පසුගිය 10 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිට නිල නිවසට යමින් සිටි වෛද්‍යවරියක් බරපතළ ලෙස දූෂණය කර තිබු අතරම සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (11) දින අත්අඩංගුවට ගත් අතර ඔහුව මෙලෙස අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.