අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් අතවරයට අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට අධිකරණයේදී ප්‍රකාශ කිරීමට අවසර ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුනු අවස්ථාවේදී ඔහු මෙලෙස පැවසුවේ තමන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බලහත්කාරයෙන් අතවර නොකල බවත් ඇයගේ කැමැත්තෙන් ලිංගික ඇසුරක් පැවැත්වූ බවත්ය. තවද ඔහු පැවසුවේ
ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා කැමරා ඇත්නම් ඒවා පරීක්‍ෂා කර එම අවස්ථාවේ වෛද්‍යවරියගේ හැසිරීම නිරීක්‍ෂණයෙන් එය තහවුරු කරගත හැකි බවත් වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම පුදුමයක් බවත්ය.
ඔහු සදහන් කර ඇත්තේ එය අතවරයක් ලෙස හැඳීන්වීමට කිසිසේත්ම එකග නොවන බවත්ය.
මෙම ප්‍රකාශයත් සමග මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කලේය.