2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:46
නවතම පුවත්

වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක්ද?

වෙළෙඳපොළේ නාඩු සහල් මිල පාලන මිල ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.
මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ, නාඩු වී හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එහි සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ මේ වනවිට නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ඉක්මවා සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන බවයි.

නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220 කි.

මෙවැනි තත්ත්වයක් යටතේ නාඩු සහල් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ සොයා බැලූ බවයි.

පසුගිය කන්නයේ හා මෙවර කන්නයේ නාඩු වී අස්වැන්න ප්‍රශස්ත මට්ටමක පැවති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී හෙළි වූ බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති කර ඇති බවට අනුමාන කරන බව ඔහු පැවසුවේ ය.

එම්.එම්. නයිමුදීන් මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය පිළිබඳ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන බවයි.

ඊට සමගාමීව සතොස හරහා නාඩු වී සෘජුව මිලට ගෙන සහල් බවට පත් කර වෙළෙඳපොළේ නිකුත් කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories