මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් 10 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (ජුනි 26) නියම කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින ‘වෙලේ සුදා’ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය, මෙම නඩු විභාගය ඔක්තෝබර් මස 10 සහ 14 යන දිනවල කැඳවන ලෙස නියෝග කළාය.
‘වෙලේ සුදා’ මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට වරදකරු වී ඇති අතර, ඔහු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.