මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳට සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර අට බැගින් වු සිරදඬුවම් නියම කර තිබේ.
හෙරොයින් මත්කුඩු ජාවාරම මගින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වෙලේසුදා ඇතුලු මෙම තිදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.
ඒ දිර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.
මෙහිදි විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කළ අධිකරණය, ඔවුන් නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටද නියෝග කළේය.