2026 මාර්තු 24 අඟහරුවාදා, 21:17
නවතම පුවත්

වෙල්ලාලගේ සුපිරි පන්දු යැවීම ගාල්ලට ජය ගෙනෙයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන දඹුල්ල පිල දෙවැනි ඉනිම ලකුණු 105කට සීමාවීම හේතුවෙන් ගාල්ලට ලකුණු 145ක ජයක් හිමි විය. පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ගාල්ල පිල මෙම තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 48කට කඩුලු 6ක් හා අනෙක් අන්තයෙන් පන්දු යැවූ දිලුම් සුධීර ලකුණු 48කට කඩුලු 4ක් බිඳ හෙළීම හේතුවෙන් දඹුලු පිතිකරුවන්ට හිස එසැවීමට කිසිඳු හැකියාවක් නොළැඹුණි. ආරම්භක පිතිකැරුවන් වූ නිශාන් මධුෂ්ක හා රොන් චන්ද්‍රගුප්ත ලකුණු 11ක් වෙද්දී දවා ගැනීමට දිලුම් සුධීර සමත් වූ අතර, අනතුරුව වෙල්ලාලගේ සිය කඩුලු දඩයම ආරම්භ කළේය. නායක ධනංජය ද සිල්වා, පවන් රත්නායක හා සොනාල් දිනූෂ ලකුණු නොලබාම දැවී ගිය අතර අකිල ධනංජය ලකුණු 28ක් හා සහන් කෝසල ලකුණු 25ක් ලබා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 267ක් ලබාගත් අතර, දඹුල්ල කණ්ඩායම පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 261ක් ලබාගත්තේය. ගාල්ල දෙවැනි ඉනිම ලකුණු 244කට සීමාවීමෙන් දඹුල්ලට එල්ලවූ ඉලක්කය ලකුණු 251කි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී දඹුල්ල පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පළමු ඉනිමේදී පන්දු 155කදී හතරේ 14ක් සමග ලකුණු 106ක් ලබාගැනීමට සමත් වුවද දෙවැනි ඉනිමේ අසාර්ථක වීම බලවත් පාඩුවක් විය.

ගාල්ල පිලේ පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටි මිලාන් රත්නායක ලකුණු 38කට කඩුලු 4ක් බිඳහෙළු අතර, ඩිල්ෂාන් මධුසංඛ ලකුණු 64කට කඩුලු 3ක් හා දිලුම් සුධීර ලකුණු 49කට කඩුලු 2ක් බිඳ හෙළා ගත්හ.

ගාල්ල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු ඔෂද ප්‍රනාන්දු පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 100ක් ලබාගත් අතර, දිනේෂ් චන්දිමාල් පන්දු 124කදී හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 73ක් ලබාගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 83කට ගාල්ල පිලේ කඩුලු 7ක් බිඳහෙළා ගත්තේය.

ගාල්ල පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 267 (ඕවර් 74) (ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73, අවිෂ්ක පෙරේරා 29 ( අසිත ප්‍රනාන්දු 37/2, අකිල ධනංජය 83/7)

දඹුල්ල පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 261 (ඕවර් 74.2) නිශාන් මධුෂ්ක 15, සහන් කෝසල 19, ධනංජය ද සිල්වා 106, සොනාල් දිනූෂ 39, ලසිත් ඇඹුල්දෙණිය 54 (දිල්ෂාන් මධුසංඛ 64/3, මිලාන් රත්නායක 38/4, දිලුම් සුධීර 49/2)

ගාල්ල දෙවැනි ඉනිම සියලුදෙනා දැවී ලකුණු 244 (ඕවර් 64.4) (ඕෂද ප්‍රනාන්දු 44, නිපුන් ධනංජය 27, දිනේෂ් චන්දිමාල් 23, දුනිත් වෙල්ලාලගේ 46, අවිශ්ක පෙරේරා 16, රමේෂ් මෙන්ඩිස් 56, මිලාන් රත්නායක 13 (ලසිත් ඇඹුල්දෙණිය 78/3, අකිල ධනංජය 80/5)

දඹුල්ල දෙවැනි ඉනිම සියලුදෙනා දැවී ලකුණු 105 (ඕවර් 28) සහන් කෝසල 25, අකිල ධනංජය 28, අතිරේක 17 (දිලුම් සුධීර 48/4, දුනිත් වෙල්ලාලගේ 26/6)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories