මෙවර පළාත් පාලන මැතිවරණයට වෙනත් පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් තරග කළ අය අතර ගමට වැඩක් කළ හොඳ අය සිටින බවත් දේශපාලන පක්ෂ ලෙස නොව තනි තනිව එවන් පුද්ගලයන් සමග බහුතර බලය සකස් කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. ඔවුන් සමග එක්වී ඉදිරියේදී පළාත් පාලන ආයතන තුළ බලය පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.