ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කින් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
එහිදී මීට පෙර රටවල් 07 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත්, එයත් සමඟ රටවල් 47 කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මෙරටට පැමිණිය හැකි බවයි ‘Hotel Show Colombo 2025’ ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.