වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි පුනරුත්ථාපන කාර්යංශය පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන සංඛ්‍යාව 3ක් වන අතර , පුද්ගලයින් 450ක් මේ වනවිට පුනරුත්ථාපනය කෙරෙන බව පුනරුත්ථාපන කාර්යාංශය සඳහන් කළේය.
පුනරුත්ථාපන කාර්යාංශය යටතේ ඇති මධ්‍යස්ථාන 03 හි පුද්ගලයින් 1120ක් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව පවතින බවත් මේ වන විට තවත් පුද්ගලයින් 670ක් පුනරුත්ථාපනය සඳහා ඉඩ පහසුකම් පවතින බව වැඩිදුරටත් සඳහන් කළේය.