2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:45
නවතම පුවත්

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස අවු.63 කරන ගැසට් එක ගහන්න සූදානම්ලු !

විශේෂඥ වෛද්‍යවරුන් 200කට අධික පිරිසකට හදිසියේ විශ්‍රාම යෑමේ අවදානමක් ඇති කරමින්, වෛද්‍ය විශේෂඥයන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ ප්‍රකාශයට පත් නොකළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාව සහ අවිනිශ්චිතතාවය හේතුවෙන්, එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස 2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 63ක් ලෙස පවත්වාගෙන යා යුතු බවට ලබාදුන් අභියාචනාධිකරණයේ තීන්දුව සළකා බලමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ සම්බන්ධයෙන් නව නිර්දේශයක් ඉදිරිපත් කළ බව තතුදත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

තීරණාත්මක චක්‍රලේඛය හෝ ගැසට් පත්‍රය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් 200කට අධික පිරිසක් එකවර විශ්‍රාම යෑමේ අවදානමක් නිර්මාණය වී තිබිණි.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අභියාචනාධිකරණ තීන්දුව 2024 ජුනි 19 වැනි දින කැබිනට් අනුමැතිය ලබා දී තිබියදීත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිල චක්‍රලේඛයක් හෝ ගැසට් පත්‍රයක් ලෙස එම තීරණය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළේය.

කෙසේවෙතත් වත්මන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, නව ගැසට් පත්‍රය මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට හැකියාව ලැබේ.

මෙම පරිපාලන අකර්මන්‍යතාවය දෙසැම්බර් 31 වන විට 60 වන වියට පා තබන විශේෂඥයින් අතර අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති අතර, ඔවුන්ට ඔවුන්ගේ සේවය දිගටම කරගෙන යාමට අවසර ලැබේද යන්න ගැන විශ්වාසයක් නැත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories