2025 අගෝස්තු 15 සිකුරාදා, 19:56
නවතම පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අගමැති හරිනිට යෝජනාවලියක්

රාජ්‍ය සෞඛ්‍ය අංශයේ සිදුවන මහා පරිමාණ දූෂණ, වංචා නැවැත්වීම සහ අධික පිරිවැය අඩු කිරීම සඳහා ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් මිල දී ගැනීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළව ඉක්මන් අවධානය යොමු කරන ලෙස තම සංගමය පසුගිය දා සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය.

එම සංගමය පසුගිය සතියේ 24 වන දා අගමැතිවරිය හමුව ඇති අතර එහිදී මේ වන විට රටේ සෞඛ්‍ය සේවය අත්විඳින බරපතළ ම කාරණා සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළ බව ද එහිදී එම සාකච්ඡාවට තම සංගමය යෝජනා කිහිපයක් අගමැතිවරිය වෙත යොමු කළ බව ද සඳහන් කළේ ය.

මේ වන විට රටේ ඖෂධ හිඟයක් ඇති වීමටත් ඇතැම් ඖෂධ සඳහා අධික පිරිවැයක් වැය වීමට ද හේතු ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ, තොග වශයෙන් ඖෂධ මිල දී ගැනීම නිසි පරිදි සිදු නොවීම යි.

මේ හේතුවෙන් වැඩි මිලක් දී හදිසි මිල දී ගැනීම්වලට අමාත්‍යාංශය කටයුතු කරන බව ත් මෙම තත්ත්වයෙන් එක් අතකින් ඖෂධ හදිසියේ මිල දී ගැනීමේදී වැඩි මිලකට ලබා ගැනීමට සිදුවීම සහ තොග වශයෙන් එකවර ලබා ගැනීමේදී සැපයුම්කරුවන් වෙතින් ලැබෙන වට්ටම් ලබා ගැනීමට ද නොහැකි වන බව ත් ක්‍රියාවලිය තුළ දූෂණය සහ නාස්තිය පවතින බව ත් ඔවුන් පෙන්වා දී ඇත.

එසේ ම, එක ම ඖෂධයේ ලියාපදිංචි නාම රැසක් යටතේ ගෙන්වීමෙන් ද මිල සහ ගුණාත්මක බව අතර අර්බුද මතුවන බව ත් මේ තත්ත්වය එලෙස ගෙන්වන ඖෂධ වර්ග ගණන (වෙළෙඳ නාම යටතේ) අඩු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇත.

මේ වනවිටත් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත නෛතික බලතල සහිත වුව ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද අගමැතිවරියගේ අවධානය යොමු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කටයුතු කර ඇත.

එසේ ම, “දැනට ක්‍රියාත්මක වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ක්‍රියාවලියේ පවතින දුර්වලතා ද අපි අගමැතිවරියට පෙන්වා දුන්නා. මේ සියලු කරුණු පිළිබඳව ඇය අවධානය යොමු කළා. කෙසේ වුවද මේවා අන්තර්වාර ආණ්ඩුවක් තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අසීරු බව ඇය අපට පැහැදිලි කළා. ඒ අනුව මහ මැතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් යොදන බව” අගමැතිවරිය පැවැසුවා යැයි ද වෛද්‍ය ගුණරත්න ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories