2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:58
නවතම පුවත්

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ප්‍රසිද්ධියේ ඇඳුම් උනා දමයි

ඉරානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඇය අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේදී ප්‍රසිද්ධියේ ඇඳුම් උනාදමා තිබේ.ඇය එලෙස සිදුකර ඇත්තේ රටේ දැඩි ඉස්ලාමීය ඇඳුම් පැළඳුම්වලට එරෙහි විරෝධතාවක් ලෙස බව එරට ශිෂ්‍ය සහ අයිතිවාසිකම් කණ්ඩායම් පවසයි.සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් පළකර ඇති වීඩියෝවක දැක්වෙන්නේ කාන්තාව විශ්ව විද්‍යාලයෙන් පිටත ඇගේ යට ඇඳුමෙන් සැරසී වාඩි වී සිටින ආකාරයයි.

අනතුරුව විශ්වවිද්‍යාල පරිශ්‍රය වටා සැරිසැරීමට පෙර ඇය තම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත අතින් සංඥා කරන අයුරු ද එහි දැක්වේ.ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කාන්තාවෝ වන අතර ඔවුන් හිස් ආවරණ පැළඳ සිටිති.

තවත් වීඩියෝවක දැක්වෙන්නේ පිරිමින් පිරිසක් ඇයව වටකරගෙන ඇයව මෝටර් රථයකට නංවාගෙන රැගෙන යන ආකාරයයටෙහෙරානයේ ඉස්ලාමීය අසාද් විශ්වවිද්‍යාලයේ ඇඳුම් පැළඳුම් සංග්‍රහය “අපයෝජනාත්මක ලෙස බලාත්මක කිරීමට” විරෝධය පළකිරීමෙන් පසු කාන්තාව “ප්‍රචණ්ඩකාරී ලෙස අත්අඩංගුවට ගෙන” ඇති බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය ප්‍රකාශ කළේය.

ඉරාන ශිෂ්‍ය සමාජ මාධ්‍ය නාලිකාවක් වන අමීර් කබීර් පුවත්පතට අනුව, මෙම කාන්තාව මීට පෙර විශ්වවිද්‍යාල භූමිය තුළදී ඉරාන ස්වේච්ඡා පැරාමිලිටරි කණ්ඩායමක් වන බසිජ් සාමාජිකයින් විසින් හිරිහැරයට ලක්කර ඇත.එහි සඳහන් වූයේ බලඇණියේ සාමාජිකයන් ඇයගේ හිස් වැසුම සහ ඇඳුම් ඉරාදමා ඇති බවයි

ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින්, රජයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඇය සමඟ “සන්සුන්ව කතාකර” ඇඳුම් සඳහා පනවා ඇති රෙගුලාසි උල්ලංඝණය කිරීම ගැන ඇයට අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව ඇගේ ඇඳුම් ගලවා ඇති බවයි.

විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයා පැවසුවේ කාන්තාව මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවයි.ඉරාන ඉස්ලාමීය ජනරජය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු Mai Sato, X පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ”මෙම සිදුවීම බලධාරීන්ගේ ප්‍රතිචාරය ඇතුළුව සමීපව නිරීක්ෂණය කරන” බවයි.

ඉරානයේ ඉස්ලාමීය නීතිය පිළිබඳ දැඩි අර්ථකථනය යටතේ කාන්තාවන් සඳහා ප්‍රසිද්ධියේ හිජාබයක් (හෝ හිස් ආවරණයක්) පැළඳීම අනිවාර්ය වේ.ඉරාන කාන්තාවන් සුළු වැරදි සඳහා පවා දැඩි දඬුවම්වලට ලක්විය හැකිය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories