විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (ජුනි 06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන්, මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දිගු කලක සිට මුහුණ දෙන වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස කරුණු සාකච්ඡා කර ඇති බවට වාර්තා වේ.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සහ ඔවුන් මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා අවම කිරීමයි. රජය සහ ආචාර්යවරුන් අතර ගැටලු නිරාකරණය කර ගැනීමට මෙම සාකච්ඡාවන් යහපත් ආරම්භයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.