2025 අගෝස්තු 15 සිකුරාදා, 04:36
නවතම පුවත්

විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කරයි

ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔක්තෝබර් මාසය සඳහා එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු පැවසීය.

මෙම මාසය සඳහා ලබාදෙන මෙම අමතර දීමනාව ඉදිරි දිනවලදී ලබා ගත හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

“විශ්‍රාමිකයින්ගේ බරපතළ වැටුප් විෂමතාවයක් තියෙනවා කාලයක් තිස්සේ තියෙන එකක්. ඒ වැටුප් විෂමතාවය කෙටිකාලයක් තුළ එකවර විසඳන්න අමාරුයි. නමුත් රජය තීන්දු කළා විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක දීමනාවක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබාදෙන්න. මේ මාසේ 10 වනදා වෙනකොට විශ්‍රාම වැටුප ලබාදීලා තියෙනවා. ඒකට මේ රුපියල් 3000 ඇතුළත් වුණේ නැහැ. ඒ නිසා රජයේ විශේෂ වැඩපිළිවෙළක් යොදනවා මහ භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කරලා තියෙනවා. මේ රුපියල් 3000 දිමනාව අමතර දීමනාවක් ලෙස ලබාගන්න පුළුවන්. විශ්‍රාමිකයින්ට එම දිමනාව ඉදිරි දිනවලදී මේ මාසය සඳහා දීමනාවක් ලැබෙනවා. ලබන මාසයේ ඉඳලා තමන්ගේ විශ්‍රාම වැටුපට මේ රුපියල් 3000 එකතුවෙනවා. අපේ රටේ රජයේ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් දීමනාව විශ්‍රාම වැටුපට එකතුවෙනවා. මේ මාසය සඳහා වෙනම දීමනාවක් විදියට එය ලබාදනේන කැබිනට් මණ්ඩලය තීරණය කළා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories