2025 අගෝස්තු 15 සිකුරාදා, 19:11
නවතම පුවත්

විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණියට අපහාස කිරීම නැවැත්වීමට තහනම් නියෝගයක්

විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය පිළිබඳව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක කොන්දේසි සහිත තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අප්‍රේල් 30 වන දින දක්වා බලපැවැත්වෙන මෙම නියෝගය රාහුබද්ධ කංකානම්ගේ ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව නිකුත් කරන ලදී.

අප්‍රේල් 30 වන දින අධිකරණයේ තම නඩුව ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතාට නියෝග කළේය.

මේජර් ජෙනරාල් තෝරදෙණියගේ පැමිණිල්ලකට අනුව 2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම තීරණය ගන්නා ලදී.

මේජර් ජෙනරාල් තෝරදෙණිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ මාර්ගගත ආරක්ෂණ පනතේ 24 සහ 12 වගන්ති උල්ලංඝනය කරන බවට ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් සහ නීතිඥ සුදත් ජයසුන්දර අධිකරණය හමුවේ තර්ක කළහ.

මෙම ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා තහනම් නියෝගයක් ඉල්ලා සිටියහ.

තර්ක සලකා බැලීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories