වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කේදී සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරෙන් තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වී තිබේ. අනතුරට පත්වන විට බෝට්ටුවේ පුද්ගලයින් 53 දෙනෙකු පමණ සිට ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මියගිය පිරිස අතර ළමුන් 8 දෙනෙකු සිටින බවද වාර්තා වේ.
බෝට්ටුවේ සිටි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවරින් පැමිණි වියට්නාම් පවුල් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට අධික වර්ෂාව බාධාවක් වී ඇති බව එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.