2025 ජූනි 21 සෙනසුරාදා, 14:18
නවතම පුවත්

විභාගය ලියන දරුවන්ට බාධා කරන්න එපා – විභාග කොමසාරිස් ජනතාවගෙන් ඉල්ලයි

උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙස විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (25) උදෑසන 8.30ට උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,312 දී ආරම්භ වූ අතර, ඒ් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් මෙය නියමයකට වඩා හැඟීමකින් යුතුව ජනතාව සිදුකළ යුතුව ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

“මේ දරුවන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳාගන්නට ඒ අයට උදව් කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සෑම දරුවෙකුටම මේ විභාගය හොඳ වතාවරණයක් යටතේ විභාගය පැවැත්වීමට. අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට. ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ සහාය මට අවශ්‍ය කරනවා. ඔබේ සහාය අවස්ථානුකූලව ඒ දරුවන්ට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අයට බාධා සිදුවන ආකාරයේ කිසිදු දෙයක් කරන්න එපා විභාග පැවැත්වෙන අවස්ථාවලදී. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවත් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙල සකස්කරලා තියෙන්නේ.”

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටීමට නියමිතය.

අද උදෑසන වරුවේ සංයුක්ත ගණිතය හා ආගම් විෂයන් ආශ්‍රිත ශිෂ්ටාචාර විෂයන් පැවැත්වෙන බවත් හවස් වරුවේ ජීව විද්‍යාව හා ආර්ථික විද්‍යාව පළමු පත්‍රය පැවැත්වීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දැක්වමින් පවසා සිටියේ, අද උදෑසන පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සිව්දෙනෙක්ට විභාග මධ්‍යස්ථාන වෙත යෑමට නොහැකි තත්ත්වයක් පැවති බවය.

ඒ අනුව වහාම නාවික හමුදා හා යුද හමුදාව ක්‍රියාත්මක වී එම සිසුන්ව විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 177 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කේෂණික දුරකථන අංකයට කතා කළ හැකි බවත්, ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ 1911 අමතා යම් ගැටලුවක් ඇත්නම් නිරාකරණය කර ගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ අතර විභාගය සම්බන්ධයෙන් යම් උපදෙසක් ලබාගැනීමට අවශ්‍ය නම් පාසල් විභාග සංවිධාන ශාඛාවට 0112 785 922 / 0112 784 537 යන අංක ඔස්සේ කතා කළ හැකි බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories