2025 ජූනි 21 සෙනසුරාදා, 17:21
නවතම පුවත්

විපක්ෂය පාර්ලිමේන්තු කමිටු වර්ජනය කරයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක විපක්‍ෂයේ නියෝජනය වැඩිකරන තුරු ඒවාට නියෝජිතයන් පත්කිරීමෙන් හෝ නිල වශයෙන් එම කාරක සභා සඳහා සහභාගි වීමෙන් වළකින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

‘ඩේලි මෝර්නින්’ වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව වැනි වැනි කාරක සභාවල විපක්ෂය නියෝජනය වැඩිකරන ලෙස විපක්ෂය ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ හිටපු සහ වත්මන් කථානායකවරුන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිය ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

“විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට නිල වශයෙන් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට සහභාගි විය හැකියි. කෙසේවෙතත්, ඒ සඳහා පත්කිරීමට අවසර ඇත්තේ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් හතරදෙනෙක් පමණයි. පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ හයක් පමණක් තිබියදී විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් මෙම කාරක සභාවේ සිටියා. එහෙත් දැන් දේශපාලන පක්‍ෂ 12ක් විපක්‍ෂයේ සිටින විට දැනට තිබෙන නියෝජනය වන මන්ත්‍රීවරුන් හතරදෙනෙකුගේ සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි හිටපු කථානායක අශෝක රන්වල මහතාට මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඔහු ඉල්ලා අස්වීමෙන් පසු වත්මන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සමඟ අප ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඔහු පැවසුවේ ඒ පිළිබඳව සොයා බලන බවයි. අපි පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත් හමුවුණා. එතුමා කිව්වා අපිට නම්‍යශීලී විසඳුමක් ලබාදෙනවා කියලා. නමුත් තවමත් කිසිවක් සිදුවී නැහැ,” මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂයේ නියෝජිතයන් නම්කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය මුදල් කාරක සභාවට සහ උපදේශක කාරක සභාවලට පමණක් බව සඳහන් කළ ගයන්ත කරුණාතිලක පවසන්නේ, නියෝජනය පිළිබඳ ගැටළුව විසඳන තුරු සෙසු කමිටු සඳහා නියෝජිතයන් පත්නොකරන බවයි.

පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා මගින් හසුරුවන විෂයයන් පිළිබඳව බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි උනන්දුවක් දක්වන බවත්, ඔවුන්ගේ නියෝජනය වැඩි වූ පසු විපක්ෂය සක්‍රීයව දායක වී අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට සහතික වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories