2026 මාර්තු 20 සිකුරාදා, 08:15
නවතම පුවත්

විපක්ෂනායක ධූරයට සජිත් ප්‍රේමදාස

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කළේය.

ඒ අනුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණි.

අශෝක රංවල මහතා 2024 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබීය.

ඔහු ලබාගත් මනාප 109,332කි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගෙන ඇති ඔහු රසායනික ඉංජිනේරුවරයෙකි.

රංවල මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කර ඇත.

මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතා පත්කෙරුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ මහතාගේ නම යෝජනා කළ අතර, එය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ස්ථීර කළාය.

නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර මහත්මිය පත්වුණි.

එය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් යෝජනා කළේය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සභානායක තනතුර අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ධුරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කළේය.

විරුද්ධපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව කථානායකවරයා විසින් පිළිගනු ලැබීය.

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය චාම් උත්සවයකින් අනතුරුව අද (21) උදෑසන 10ට ආරම්භ වුණි.

කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත.

පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවේ.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එහි සජීව විකාශය පහතින්
https://shorturl.at/0W8ee

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories